සැප්තැම්බර 01 වන දා සිට 02 වන දා දක්වා සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2016 ඉන්දීය සාගර සමුළුව සංවිධානය සඳහා ඉන්දීය පදනම සමග ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, බංග්ලාදේශයේ ජාත්‍යන්තර උපාය මාර්ග ආයතනය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස් රාජරත්නම් ආයතනය එක්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙම සමුළුවට ඉන්දීය සාගර කලාපයේ සිටින ප්‍රධානතම රාජ්‍යයන්ට ආරාධනා කර ඇති අතර, සාගර කලාපයට බලපාන ආරක්‍ෂක, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික ප්‍රධාන ප්‍රශ්න විචාරශීලී විමසීමකට ලක් කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දතෝ සේරි ආචාර්ය අහමඩ් සහීඩ් හමිඩ් (Dato' Seri Dr. Ahmad Zahid Hamidi), ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, සිංගප්පූරුවේ විදේශ ආමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන්, බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මොහොමද් අලි, මාලදිවයිනේ හිටපු ජනාධිපති මයූම් අබ්දුල් ගයූම්, තායිලන්ත සංස්කෘතික අමාත්‍ය වීර රෝජ්පොඡනරාත් (Vira Rojpojchanarat), මොරිෂස් කලා සහ සංස්කෘතික අමාත්‍ය සාන්තරාම් බාබු (Santaram Baboo), ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු, වයඹසංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස් බී නාවින්න, වියට්නාමයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඩං ඩින් කුයි (Dang Dinh Quy), ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කිෂි නොබුඔ (Kishi Nobuo) ඇතුළු දේශපාලනඥයන්, විද්වතුන්, නිලධාරීන්, විශේෂඥයන් ඇතළු විශාල පිරිසක් මේ සමුළුවට සහභාගී වීමට නියමිතය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සමුළුවට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිස අනිද්දා පෙරවරුවේ සිංගප්පූරුව බලා යෑමට නියමිත ය.