නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍ර‍්‍රය ලබන 31 වැනි දා නිකුත් කරනවා- සෞඛ්‍ය ඇමැති Featured

    අගෝස්තු 29, 2016

    ඖෂධ මිල අඩු කිරීම සඳහා වන ගැසට් පත‍්‍ර‍්‍රය ලබන 31 වැනි දා වන විට නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පොරොන්දු වී තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසය වනවිට ඖෂධ මිල අඩු කිරීමේ වාසි ජනතාවට හිමි වන බවයි.

    ඒ අනුව 85% ක් දක්වා ඖෂධ මිල අඩු කිරීම අපේක්ෂා කරන බවත් ඉතා ඉහළ මිල ගණන්වල ඖෂධ සඳහා 10%ක් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

    පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඖෂධ වර්ග 4000 ක් විතර ලංකාවට ආනයනය කරන අතර ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඖෂධ සමාගම්වලට මිල හා රක්ෂණය සහ ගැල් ගාස්තු හෙවත් සී.අයි.එෆ් මිල වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    “ඖෂධ පනත සම්මත වූ පසු මට අවශ්‍ය වුයේ සාමාන්‍ය ජනතාවට ගුණාත්මක ඖෂධ අඩු මිලකට ලබාදීමටයි. ඖෂධ මාෆියාව මට පහර ගහනවා. නමුත් ඇතැම් ඖෂධවලට ආදේශක ඖෂධ හඳුන්වා දුන් පසු එම ඖෂධ භාවිතා නොකරන වෛද්‍යවරුන් ද සිටිනවා. එවැනි වෛද්‍යවරුන්ගෙන් නිදහසට කරුණූ විමසනවා. උදාහරණයක් ලෙස පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධයක් අලෙවි කළේ රුපියල්  දෙලක්ෂ 80,000 කටයි. එම ඖෂධයට සමාන වෙනත් ඖෂධයක් මම රුසියාවෙන් ආනයනය කර හදුන්වා දුන්නා. මීට ප‍්‍රථම ලබාදුන් ඖෂධය පසුගිය 22 පැවැති ටෙන්ඩර් කැඳවීමේ දී රුපියල් එක්ලක්ෂ 65,000 දක්වා අඩු කර තිබෙනවා. නමුත් රුසියාවෙන් ආනයනය කළ ඖෂධය රුපියල් එක්ලක්ෂ 44,000 කට ලබාදිය හැකියි. මෙම ඖෂධය ඇතැම් වෛද්‍යවරු ලබානොදෙන බවට වාර්තා වී තිබෙනවා. මේ ආකාරයට තමයි ඖෂධ මිල අඩු කළ යුත්තේ. ඖෂධ මාෆියාව මම නැති කරනවා. බෝඩි ලෑලි එල්ලාගෙන එය කරන්න බැහැ. මහාචාර්ය සේනක බිබිලේ මහතාට කරන ගෞරවයක් ලෙස ඖෂධ මාෆියාව නැති කළ යුතුයි. මෙලෙස ඖෂධ මාෆියාවෙන් ඉතුරු කර ගන්නා මුදල් අසරණ පිළිකා රෝගීන්ගේ ප‍්‍රතිකාර සේවාවන් සඳහා යෙදවීමට මම කටයුතු කරනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya