නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුරගමන් සේවා බස් රථ ආපන ශාලා පරීක්ෂා කෙරේ

    අගෝස්තු 15, 2016
    දුර ගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආහාර ලබාගැනීම සඳහා ස්ථාපනය කොට ඇති ආපන ශාලාවල පිරිසිදුභාවය, ආහාරපානවල ගුණාත්මකභාවය, සනීපාරක්ෂක පහසුකම් මෙන් ම ආහාරවල මිල ගණන් පිළිබඳ ව කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
     
    දුර ගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආහාර ලබාගැනීම සඳහා ස්ථාපනය කොට ඇති ආපන ශාලාවල පිරිසිදුභාවය, ආහාරපානවල ගුණාත්මකභාවය, සනීපාරක්ෂක පහසුකම්වල පවතින අඩුපාඩු මෙන් ම ආහාර සඳහාවැඩි මිලක් අයකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබුණු පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් මෙලෙස ආපන ශාලා පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
     
    මෙම ආපන ශාලා පරික්ෂා කිරීමට කටයුතු කරන අතර ම ඉදිරියේ දී සති දෙකකට වරක් මෙම ආපන ශාලා පරීක්ෂා කර වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන් වෙත උපදෙස් ලබාදෙන බවත් පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
     
    මෙම පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ ද සහයෝගය ලබාගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya