මෙම සම්මන්ත්‍රණය සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ හා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ද සියළුම අමාත්‍යාංශවල අතිරේක ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වීමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණයේ දී 8 වැනි පාර්ලිමේන්තුව විසින් අභිනවයෙන් පත්කර ක්‍රියාත්මක කරනු ලබන ආංශික අධීක්ෂණ කාරක සභා, මූල්‍ය කටයුතු සුපරීක්ෂණ කාරක සභා ඇතුළු මහජන පෙත්සම් කාරක සභාවල කාර්යභාරය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියා පිළිවෙල හා වගකීම් පිළිබඳව ද, පාර්ලිමේන්තුවට අදාළව රාජ්‍ය ආයතන සම්බන්ධ කාර්යභාරය පිළිබඳව ද, දැනුවත් කරනු ලැබේ.
AP