නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සුමිතුරෝ ජයග්‍රහකයින්ට තායිලන්තයේ අධ්‍යයන චාරිකාවක් Featured

    ජූලි 16, 2016

    ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම අතින් ලෝකයේ සෙසු රටවල "පරිසර සුමිතුරෝ" පරිසර හිතකාමී ව්‍යාපෘතියේ ජයග්‍රාහී සිසුන්ට තායිලන්තයේ සංචාරයකට වරම් හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශයත්, මධ්‍යම පරිසර අධිකාරියත් ඒකාබද්ධව පරිසර හිතකාමී කඩදාසි නිෂ්පාදන ආයතනයක් වන ඩබල් ඒ ආයතනයේ අනුග්‍රහය ඇතිව පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් හඳුන්වා දී ඇති ‘පරිසර සුමිතුරෝ’ ව්‍යාපෘතියෙහි අවසන් අදියරේ තිළිණ සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා අමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     

    වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන පාරිසරික ගැටපු හඳුනාගනිමින් ඒ සඳහා විසඳුම් සොයාගැනීමට පාසල් සිසුන් දිරිමත් කිරීමේ අරමුණින්   මෙම  ‘පරිසර සුමිතුරෝ’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.  ඒ අනුව, දිවයිනේ සියලු ම පාසල්වලින් මේ සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවා ඒ අතරින් අවසන් වටයට පාසල් පහක ව්‍යාපෘති තෝරා ගත් අතර එහි පළමු දෙවැනි ‍සහ තෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම්වල සිසුන්ට ටැබ් සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

     

    තායිලන්තයේ අධ්‍යයන චාරිකාවක් සඳහා අවස්ථාව හිමිවූ සිසුන්ට  අදාළ ගුවන් ටිකට් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

     

    මෙම අවස්ථාවට තායිලන්තයේ ඩබල් ඒ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. තිරවික්, සාමාන්‍යාධිකාරී චේතිකා හපුගල්ල, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya