යුනෙස්කෝ නවදිල්ලි කලාප කාර්යාලයේ අධ්‍යක්ෂ, යුනෙස්කෝ නියෝජිත ෂිගෝරු අ ඕයාගි මහතා (Shigoru Aoyagi) සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර හමුවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙරට ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.
එසේම නව ලොව ජයගත හැකි ලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුවිය යුතු නව්‍යකරණයන් මෙන්ම 2030 වසර දක්වා අනාගතය දෙස බලා ඊට සරිලන ලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුකළ යුතු දීර්ඝ කාලීන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි අනාගත ඉලක්ක ජයගත හැකි ලෙස වෙනස්කම් රැසක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලබා දෙන දේශපාලන නායකත්වය සහ කැපවීම ද ෂිගෝරු අ ඕයාගි මහතාගේ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ධම්මිකා විජයසිංහ මෙනවිය, යුනෙස්කෝ නවදිල්ලි කාර්යාලයේ සංස්කෘතික අංශයේ වැඩසටහන් විශේෂඥ මෝඒ චිබා මෙනවිය (Moe chiba) යුනෙස්කෝ නවදිල්ලි කාර්යාලයේ මෙරට නියෝජිත හිමාලි ජිනදාස මහමත්මිය ඇතුලු පිරිසක් සහභාගි වූහ.