නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් සාගර දිනය අදයි Featured

    ජූනි 08, 2016

    ජගත් සාගර දිනය අද (08) දිනට යෙදී ඇත.

    ජගත් සාගර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 08) කොළඔ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත් වීමට නියමිත බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

     

    "පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්" මෙවර එහි තේමාවයි.

     

    මෙම උත්සවයට සමගාමීව අද දින ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් ද සංවිධානය කර ඇති අතර එය ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ පැමිණ ගාලු මුවදොරින් අවසන් වේ.

     

    පාගමන සඳහා පාසල් සිසුන් රාජ්‍ය නිළධාරීන් රාජ්‍ය නොවන සංවිධානවල නිළධාරීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු 1500 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.

     

    එම පාගමන අවසන් වූ පසුව වැල්ලවත්ත වෙරළ තීරයෙහි සහ මට්ටක්කුලිය කාක දූපතේදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද අද දින ක්‍රියාත්මක කෙරේ.

     

    එසේම සමුද්‍රීය ආරක්ෂක අධිකාරිය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලබන "සත්සමුදුර" සාර සංග්‍රහයෙහි 2016 කලාපය එළිදැක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya