ආපදාට පත් වූ විදුලි පාරිභෝගිකයන් සඳහා විශේෂ සහන රැසක් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව සම්පූර්ණයෙන් හානියට පත්වූ නිවාස හිමියන්ගේ මෙතෙක් අයවීමට තිබූ විදුලි බිල්පත් අයකර නොගැනීමටත්, ආපදාවට පත්වූ නිවාස සඳහා මැයි සහ ජූනි මාස වල විදුලි බිල්පත් ගෙවීම සඳහා ජූලි මස සිට බලපාන පරිදි මාස 2ක සහන කාලසීමාවක් ලබාදීමටත්, ජලගැලීමෙන් විනාශයට පත්වූ නිවාස වලට නැවත විදුලි සබඳතාවය ලබාදීම නොමිලේ සිදුකිරීම සිදු වන බව ඒ මහතා සඳහන් කළේය.
එසේ නැවත සබඳතාවය ලබාදීමේදී නිවාසවල අභ්‍යන්තර තැතදුම් පවා පරීක්ෂා කිරීම නොමිලයේ සිදුකර දීම, තම නිවාස අනාරක්ෂිත බැවින් තාවකාලික නිවාස වල රැඳවු අය වෙනුවෙන් එම තාවකාලික රැඳවුම් ස්ථානවලට මාස 06 ක කාලසීමාවක් නොමිළයේ විදුලිය ලබාදීමත් සිදු වේ.
තව ද නව නිවාසවලට යාමට සිදුවන විදුලිපාරිභෝගිකයන්ට එම නව නිවාස වලට යාමේදී නොමිලයේ විදුලි සබඳතාවය ලබාදීමටත්,GP 1 කණ්ඩායමට අයත්වන 42 KVA ක ප‍්‍රමාණයකට අඩුව විදුලිය ලබාගන්නා කුඩා ව්‍යාපාරිකයින්ට, මැයි සහ ජූනි මස බිල්පත් ජූලි මස සිට බලපාන පරිදි මාස 06 ක, වාරික 06 කට බෙදා ගෙවීමට අවස්ථාවක් ලබා දීමට කටයුතු කර තිබෙන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ වනතෙක් විසඳී නොමැති ඔවුන්ගේ විදුලි ගැටලුවලට විසඳුම් ලබාදීමට දීපව්‍යාප්ත විදුලි ජංගම සේවා පැවැත්විමටත්, මෙම වැඩපිළිවෙළ මේ මස 18 දින පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමටත් කටයුතු කරන බව ඇමැතිවරයා වැඩිදුරත් පැවසීය.