එම සමුළුව හෙට (23) සිට ලබන 28 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල්වල නියෝජිතයින් මෙම සමුළුවට සහභාගි වන අතර සංවිධානයේ ප‍්‍රතිපත්ති පිළිබඳ තීන්දු ගැනීම, මූල්‍ය ප‍්‍රතිපත්ති සැළස්ම සහ වැඩසටහන් අයවැය සළකා බලා අනුමැතිය ලබාදීම මෙවර සමුණවේ ප‍්‍රධාන අරමුණු වේ.
එසෙම් අද (22) නියමිතව ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය රැස්වීමේදී ද විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සුදානම්ව සිටින බව අමාත්‍යාංශය පෙන්වා දෙන අතර එහිදී ලබන ඔක්තෝබර් 14 සිට 16 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත 24 වන පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය සමුළුවට සාමාජික රටවල නියෝජිතයින්ට ආරාධනා කිරීම ද සිදු වන බව සඳහන් කරයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා සමුළුවට සහභාගිවන රටවල සෞඛ්‍ය නියෝජිතයින් සමඟ ද්විපාර්ශික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට නියමිතය.
මෙම සංචාරය සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, වෛද්‍යවරු ඇතුළු නියෝජිතයින් 14 දෙනෙක් එක්වීමට නියමිතය.