නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් ජනතාවට වන්දි ලබා දීම ජාතික රක්ෂණ භාර අරමුදලින්

    මැයි 19, 2016

    පවතින කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ යටතේ මූලික වශයෙන් රුපියල් මිලියන 300ක පමණ මුදලක් ආපදා සහන කටයුතු සඳහා වෙන් කර ඇති බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික රක්ෂණ භාර අරමුදලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (19) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ය.

    ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා අරමුදලේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන වාර්තාව අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි.

    ස්වාභාවික ආපදාවලදී සාමාන්‍ය ජනතාවට අත්විඳීමට සිදු වන පීඩාවන් සැලකිල්ලට ගනිමින් 2016 අයවැය මගින් ජාතික රක්ෂණ භාර අරමුදල හඳුන්වා දෙනු ලැබීය. එමගින් ශ්‍රී ලංකාවේ සෑම වැසියකුට ම නොමිලේ රක්ෂණාවරණයක් හිමි වනු ඇත. ඊට අදාළ රක්ෂණ වාරිකය ගෙවනු ලබන්නේ මුදල් අමාත්‍යංශය මගිනි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව සුළු පරිමාණ ව්‍යපාරිකයන්ට පවා මෙමගින් රක්ෂණාවරණය හිමිවෙයි.

    මේ යටතේ ගංවතුර, සුළි සුළං සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ පවුල්වල දේපොළ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි පහක උපරිමයකට යටත් ව මූල්‍යාධාර හිමි වෙයි. එමෙන් ම හදිසි මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක් ලබා දෙනු ඇත.

    එසේ ම රුපියල් මිලියන 10කට අඩු වාර්ෂික පිරිවැටුමක් ඇති ව්‍යාපාර වෙනුවෙන් ද මේ යටතේ මූල්‍යාධාර හිමිවෙයි. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලබා ගන්නා තොරතුරවලට අනුව ආපදා කළමනාකාරණ අමාත්‍යාංශය මගින් වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇත.

    මීට අමතරව ආපදාවලට පත් ධීවරයන් වෙනුවෙන් ද වන්දි ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ ආපදා තත්ත්වයක් හේතුවෙන් සිදුවන ධීවරයකුගේ මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමි වෙයි. මෙම වන්දි ගෙවීම ධීවර අමාත්‍යාංශය හරහා සිදු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya