මෙවැනි තත්ත්වයකදී ගත යුතු පියවර සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් මේ වන විටත් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාසභාර නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ.
එහිදී විශේෂයෙන් ම ආපදා තත්ත්ව හමුවේ මාර්ග අවතීරතා ඇතිවීමකදී, අනතුරකදී සහ අවතැන්වීමකදී ක්ෂණිකව ගත යුතු පියවර පිළිබඳවත් එමෙන් ම මෙවන් තත්ත්වයකදී සම්බන්ධීකරණය කර ගත යුතු අනෙකුත් ආයතන පිළිබඳවත් දැනුවත් කිරීම් සිදු කර තිබේ.
අයපහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හමුවේ මාර්ග අවහිරතා ඇතිවීමකදී, අනතුරකදී සහා අවතැන්වීමකදී ක්ෂ්ණිකව මහජනතාව විසින් පොලීසිය දැනුවත් කිරීම සඳහා පහත සඳහන් දූරකතන අංක විවෘත කර තිබෙන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.