නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට සහභාගිවීමට ජනපති බ්‍රිතාන්‍ය බලා පිටත්ව යයි

    මැයි 11, 2016
    බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන "දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව - 2016" සඳහා සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (11) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
    අද පෙරවරු 10.05ට පමණ එමිරේට්ස් EK 651 දරන ගුවන් යානයෙන්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිටත්ව ගියහ. 
    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව හෙට (12)  ලන්ඩන් නුවරදී ආරම්භ කෙරෙන අතර ජනාධිපතිතුමා එදින සමුළුව ඇමතීමට නියමිතව තිබීම විශේෂත්වයකි.
    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමාට මේ සමුළුවට එක්වන ලෙස ආරාධනා කරන ලද්දේ පසුගිය ජනවාරි මස මෝල්ටා හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදීය.
    සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
    (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya