නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ජාවාරමක් හෙළි වෙයි

    මැයි 10, 2016

    රැකියා සඳහා කතුන් විදේශ ගත කිරීමේ නවතම ජාවාරමක් හෙළි කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත් වූ බව එම කාර්යාංශය සඳහන් කරයි.

    එහිදී ජාවාරමට සම්බන්ධ උප ඒජන්තවරුන් 04 දෙනෙකු කටුනායකදී අත්තඩංගුවට ගත් බවත් පැය 32 ක පමණ මෙහෙයුමකින් පසුව උපායදූතයෙක් මඟින් ජාවාරම හෙළිකර ගැනිමට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත් වී ඇත.

    එම සැකකරුවන් පසුගිය 07 වන දා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබේ.

    ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත වන කාන්තාවන්ට දින 40ක පුහුණුව කාර්යංශය විසින් අනිවාර්ය කර ඇති අතර එම පුහුණුවෙන් නිදහස් වීමට හැක්කේ අදාළ විදේශ ගත වීමට මාස 6කට පෙර රැකියාවක් සඳහා විදේශ ගත වී යළි දිවයිනට පැමිණීමෙන් පසුවයි.

    එය කාර්යාංශය විසින් තහවුරු කරනු ලබන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය ගමන් බලපත්‍රයේ තබා ඇති පිටවීමේ හා ගොඩබැසීමේ නිල මුද්‍රා සහ ඒ හා තිබිය යුතු වීසා පත්‍රය මඟිනි.

    රැකියා ජාවාරමට සම්බන්ධ වූවන් මෙම නිල මුද්‍රා හා වීසා ව්‍යාජ අන්දමින් සකසා ගමන් බලපත්‍රයේ  සටහන් කර කාර්යාංශයේ පුහුණුවෙන් නිදහස් වී විදේශ ගත වීමට ලියාපදිංචිය ද ලබා ගෙන තිබේ.

    ඒ සඳහා ඔවුන් ව්‍යාජ මුද්‍රා සහිත ව්‍යාජ  ගමන් බලපත්‍ර ද යොදා ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ. ඒ අනුව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයට ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සහ වීසා සටහන් කර කාර්යංශයෙන් අදාළ රැකියා සඳහා ලියාපදිංචිය ලබාගෙන තිබේ.

    මෙම ජාවාරම්කරුවෝ  විදේශ ගත වීමේදී   විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුළුවට ව්‍යාජ ගමන් බලපත්‍රය ද ගුවන් තොටුපල අභ්‍යන්තරයේ පිහිටි ආගමන විගමන කවුළුවට මුල් ගමන් බලපත්‍රය පමණක්ද ඉදිරිපත් කර  සංචාරක වීසා මඟින් කුවෙටයට පිට වෙති.

    ‍මෙම සූක්ෂම ජාවාරම සඳහා ලියාපදිංචි ඒජන්සියක කාන්තාවක් මූලිකත්වය ගෙන ඇති අතර සැකකාර කාන්තාව පිළිබඳ පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya