ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නීති ආධාර වැඩපිළිවෙළි පිළිබඳව අධ්‍යනය කිරීම සදහා එකොළොස් දෙනෙකුගෙන් යුක්ත බංගලිදේශයේ ඉහළ පෙළේ අධිකරණ සේවා නිළධාරීන් පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න , අධිකරණ සේවා කොමිෂන් සභාව, නීති ආධාර කොමිසම හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී දෙරටේ අධිකරණ ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කළේය.
බංගලිදේශයේ මෙම අධිකරණ නියෝජිත පිරිසට නීතිය, අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් Abu Salch Shecikh Mohamad Zahirul Haque, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් Shahnaz Banu,අධ්යක්ෂ සැලසුම් ප්‍රවර්ධන Nasima Mohsin, ජාතික නීති ආධාර නියෝජ්‍ය අධ්යක්ෂ Rokibul islam අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජේHෂ්ඨ සහකාර ලේකම් Toyedul hasan ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වුහ.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමු වු බංගලිදේශයේ අධිකරණ සේවාවේ ඉහළපෙළේ මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අධීකරණ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
කම්කරු විනිශ්චය සභා , මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, පළාත්බද මහා අධිකරණ, අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ යන අධිකරණ ධුරාවලියේ යුක්තිය පසිදලීමේ කටයුතු ඉටු කරන ආකාරය පිළිබඳව දෙරට පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මහජනතාවට කාර්යක්ෂම අධිකරණ සේවාවක් උසාවි නොවන ක්‍රමවේදයක් මගින් ලබාදීම සදහා ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල ක්‍රමය පිළිබඳව විශේෂ අධ්‍යනයක් කිරීමට ද මෙම බංගලාදේශ අධිකරණ සේවා නියෝජිතයින් විශේෂ උනන්දුවක් දැක් වූ බව අමාත්‍යාංශය බව සඳහන් කරයි.
බංගලාදේශයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන නීති ආධාර වැඩසටහන පිළිබඳව දිර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළ මෙම නියෝජිත පිරිස තම රටේ සමාජ සංස්කෘතික ගැටලු මැනවින් හඳුනාගෙන ප්‍රමාදයකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග වලට පැමිණිම සඳහා මහජනතාවට නොමිලේ නීති ආධාර ලබා දෙන නීති ආධාර කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති අතර, එහිදී මහජනතාවගේ සිවිල් නඩු කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බව මෙහිදි පැහැදිලි කළේය.
මෙහිදී අදහස් දැක්වු බංගලාදේශ අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් Abu Salch Shecikh Mohamad Zahirul Haque මහතා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාවර කිරීම සඳහාත් වර්තමාන ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබඳව බංගලිදේශ අධිකරණ සේවාවේ සතුට පළකර සිටියේය.
පසුගිය කාලපරිච්ඡේදයේ දී නව රජය විසින් ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කර ගත් අතර, ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ සාධනීය පියවරයන් පිළිබඳව බංගලිදේශ අධිකරණ සේවාව ඉතා ඉහළින් අගය කරන බව ද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි 08 වන දිනෙන් පසු සිදු වු සමාජ පරිවර්තනය ලෝක ප්රජාතන්ත්රවාදය ගරු කරන රජයන් වලට 1295 මැග්නා කාටර් ගිවිසුමෙන් පසු ප්රජාතන්ත්රවාදය අධ්‍යනය කිරීම සඳහා ගත හැකි හොඳම නිදසුන වශයෙන් මෙම සමාජ පරිවර්තය අධ්‍යනය කළ හැකි බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සමාජ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කරනු ලැබු ස්වාධින කොමිෂන් සභාවල ක්රියාකාරීත්වයේ ප්‍රගතිය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් තවදුරටත් ප්රජාත්න්ත්රවාදය ශක්තිමත් කර සියලු ජාතීන්ට සමානව සිය අයිතිවාසිකම් හා නිදහස භුක්තිවිඳීම සඳහා 225 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මේ වන විට බිම්මට්ටමේ සිට ජනතා අදහස් ලබාගෙන කෙටුම්පත් කිරීම සඳහා මුලික කටයුතු සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා මෙම පිරිසට පැහැදිලි කළේය.