1980 අංක 26 දරන ආහාර පනතේ 32 වගන්තිය යටතේ එහි සඳහන් වන්නේ ග්‍රෑම් 11 ට වැඩි ඉහළ සීනි මට්ටම සහිත ක්ෂණික බීම වර්ග රතු පැහැති ලේබලයෙන් ද, ග්‍රෑම් 2 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටම සහිත ක්ෂණික බීම වර්ග කහ වර්ණයෙන් යුත් ලේබලයෙන් ද, ග්‍රෑම් 2 කට වඩා අඩු සීනි මට්ටම සහිත ක්ෂණික බීම වර්ග කොළ පැහැති ලේබලයෙන් ද සංකේතවත් විය යුතු බවයි.
මේ පිළිබදව ක්ෂණික බීම වර්ග නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත හිමියන් සමඟ ද මීට මාස 06 කට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇත. බෝනොවන රෝග අවම කිරීමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය. “බෝවන රෝග වළක්වා ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී මෙම මාධ්‍ය හමුව පැවැතිවිනි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන රැස්වීම් වැඩමුළුවලදි හිතකර ආහාර වට්ටෝරු හඳුන්වාදීම පිළිබඳ වූ නිර්දේශයන් ඇතුළත් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් අනුව නිකුත් කළ මෙම චක‍්‍ර ලේඛයට අනුව මින් ඉදිරියට පැවැත්වෙන වැඩමුළු හා රැස්වීම්වලදී ආහාර ලබාදිය යතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
තව ද රෝහල්වල ආපන ශලාවල ලබාදිය යුතු ආහාර පිළිබඳව මාර්ගෝපදේශණ මාලාවක් ද මේ වනවිට සකස් කරමින් පවතින බවත්, එය සකස් කිරීමෙන් පසු සියලු රොහල් වල ආපන ශාලාවල ලබාදිය යුතු ආහාර පාන එම ප‍්‍රමිතීන් යුතුව ලබාදීම සඳහා කටයුතු කරන බවත් ඒ මහතා පැවැසීය.
සිකා වෛරසය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළ නිර්දේශ යටතේ දැඩි ආෙවික්ෂණ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇති බවත්, එම නිසා සිකා වෛරසය පිළිබද දැනට බිය යුතු නැති බවත් ප‍්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය දුලානි ගුණසේක මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා, ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ‍්‍රම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.