මෙම දූත පිරිස අද අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් පිළිගත් අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති නූප්පොර්න් ඇඩ්චරිවවනිච් (Noopporn Adcharivavanich) මහතාද සහභාගී විය.
මෙම සංචාරය අතරතුරදී තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලෙක්ම්, සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම දූත පිරිස ශ්‍රී දළඳා මාළිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය සහ ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානවල ද සංචාරයක් සිදු කිරීමට නියමිතය.