ඊට අදාළ පත්වීම් ලිපිය අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
හිස් වූ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථා දායක සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුගේ නම් යෝජනා කර තිබිණි.
ව්‍යවස්ථා දායක සභාව විසින් ඉන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නම නිර්දේශ කර ජනාධිපතිතුමා වෙත යොමු කළ අතර ඒ සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දීමෙන් අනතුරුව අද ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කෙරිනි.