නිවාඩු දිනය පිළිබඳ නිකුත් කළ නිවේදය මෙසේය.
''සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කොට ගෙන එළඹෙන13 වන බදාදා සහ 14 වන බ්‍රහස්පතින්දා දෙදින රජයේ නිවාඩු දින බැවින්ද, 16 වන සෙනසුරාදා සහ 17 වන ඉරිදා නිවාඩු දින බැවින්ද, හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලාංකික ජනතාවට සාමයෙන් හා සතුටින් සැමරීමටත්, ඔවුන්ගේ පහසුව සඳහාත් අප්‍රේල් මස 15 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස විවිධ පාර්ශව වලින් ඉල්ලීම් කර ඇත.
මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් එකඟත්වය මත විශේෂ ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් තීරණය කර ඇති බව සියලු ශ්‍රී ලාංකිකයින්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කරමි.
මෙවන් තීරණයක් රජය මඟින් ගනු ලැබුවේ කොළඹ සහ ප්‍රධාන නගරවලින් බැහැරව ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාව, නිවාඩු දින හතරක මැද වැඩ කරන 15 වන සිකුරාදා බොහෝ රජයේ සේවකයින් නැවත කාර්යාල කටයුතු සඳහා නොපැමිණීමත්, එවන් දිනයක රජයේ කාර්යාල විවෘත කිරීම තුළ රජයට දැරීමට සිදුවන වැයබර අඩුකර ගැනීමට හැකි වීම සඳහාය.
එයට අමතරව රජයේ හා පෞද්ගලික අංශයේ බොහෝ ප්‍රවාහන සේවා අවුරුදු සමය බැවින් කොළඹින් බැහැර ප්‍රදේශවලට පැමිණ සිටිමත්, රජයේ කාර්යාල එදිනට පමණක් විවෘත කළහොත් විශාල ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුවීම වළක්වා ගැනීම පිණිස මෙම තීරණය ගත් බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
රජයේ මෙම තීරණය අනුව, සියලු ශ්‍රී ලාංකිකයින්ට සිය ඥාති මිත්‍රයින් සමඟ තම ගම් ප්‍රදේශවලදී සිය සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරමින් චාරිත්‍ර වාරිත්‍ර මනා ලෙස ඉටු කර ගැනීමේ පහසුව ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.
තවද, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ත් ඇතුළුව ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමට උපදෙස් ලබා දී ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, රජයේ සේවකයින් ගම හා අපේ සංස්කෘතික සම්ප්‍රදායන් කෙරෙහි සමීපත්වයක් ඇති කිරීමය.
එබැවින් ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකික සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවායි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රාර්ථනා කරයි.''
වජිර අබේවර්ධන (පා.ම)
ස්වදේශ කටයුතු අමාත්‍ය