රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පෞද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු සිදු කළ තර්ජනයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම් පත ආසියාවේ හොඳම පනතක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත සම්බන්ධයෙන් තිබෙන අදහස් විවේචන ඉදිරිපත් කිරීමට ද අවස්ථාව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.