ජෙට්වින් හෝටල් සමූහයට අයත් මෙම හෝටලය අති නවීන පහසුකම් සමගින් ඉදි කර තිඛෙන අතර කාමර 55 කින් සමන්විතය.
සම්පත් බැංකුවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත එම්.යූ. ජයවර්ධන මහතාට අයත් ඉඩමක ඉදිකර ඇති මෙම හෝටලයේ එක් කාමරයක් ඒ මහතාගේ නමින් වෙන් කර ඇති අතර එහි සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කරන ලදී.
ජෙට්වින් තරුණ සංවර්ධන වැඩසටහන යටතේ හෝටල් කළමනාකරණය පාඨමාලාව සාර්ථකව නිමා කළ තරුණ තරුණයින් 67 දෙනෙකුට සහතික පත් ප්රදානය සංකේතවත් කරමින් පස් දෙනෙකුට සහතික පත් ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්ම මහත්මීන් ද, ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.