යාපනයේ ආගමික නායකයින්, ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමාත්‍යවරයා, දේශපාලකයින්, මාධ්‍ය සංවිධාන හමුවීම්, මාධ්‍ය ආයතන නිරීක්ෂණ එම නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම, සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම, යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදීන්ට සහන මිලට පා පැදි ප්‍රදානය කිරීමේ ආරම්භක වැඩසටහන, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා ඉදිකෙරෙන නිවාස සඳහා මුල්ග තැබීම ද සිදු කළ බවත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් අතර සාකච්ඡා පැවැත්වීම යනාදී වැඩසටහන් පැවැත් වුවත් සමහර මාධ්‍ය තුළින් සිදු නොවූ අසත්‍ය වාර්තා කර තිබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එසේම මෙම මාධ්‍ය සංහිඳියා චාරිකාව කොළඹ කොටුව දුම්රිය මාර්ගයෙන් ගමන් ආරම්භ කළ අතර ගමන අතරමග මාධ්‍යවේදීන් තිදෙනෙක් පමණක් බැස ගිය අතර එවැනි ක්‍රියාවක් සැලසුම් කර තිබෙන බවට එම දිනට පෙර දැන ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.