නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ Featured

    මාර්තු 26, 2016

    ජල විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම් වැසි නොලැබීම හේතු කොටගෙන ඉදිරියේදී අඩු වුවහොත් එය ජාතික විදුලිබල පද්ධතියට බලනොපාන අන්දමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ උත්සවයට වව්නියාව නගර ශාලාවේ දී එක්වෙමිනි.

    දිනකට මෙගාවොට් 2200ක පමණ ඉල්ලුමක් පවතින නමුත් මේ දිනවල ඒ තත්වය ඒකක 200කින් පමණ වැඩි වී තිබෙන බවත් කෙසේ නමුත් එම තත්ත්වය කළමනාකරණ කරමින් තමයි අද දවසේ අපි මේ තත්වයන්ට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    සියලු දෙනාම එක්ව කැපවීමෙන් මෙගාවොට් 400ක ඉතිරි කර ගැනීමට හැකි නම්  කිසිම අභියෝගයක් නැති බවත්  එය ආත්මීය වගකීමක් විදියට සැලකීම ඉතා වැදගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya