නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු 29 - අප්‍රේල් 4 දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    මාර්තු 25, 2016
    මාර්තු 29 - අප්‍රේල් 4 දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහීපාල මහතා පවසයි.
    ඒ මහතා මේ බව අනාවරණය කළේ වසංගත රෝග විද්‍යා අංශයේ පැවති මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    ජනතාව මේ සදහා උනන්දු විය යුතු බවත්  එසේ නොමැතිවුවහොත් මෙය දිනීමට නොහැකිවන බවත් මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පැවසීය.
     
    ඩෙංගු රෝගය පැතිර යාම අවම කර ගැනීමේ අරමුණින්  ඩෙංගු මර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම සතිය තුල වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 
     
    මේ යටතේ 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බැගින් කණ්ඩායම් 3,000 ක් හරහා මෙම වැඩ සටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. මෙම කණ්ඩායම් ගෙයින් ගෙට යමින් මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කිරීම හා දැනුවත් කිරීම සිදු කරන අතර මදුරුවන් බෝවන ස්ථාන ඇත්නම් රතු නිවේදනයක් නිකුත් කිරීමටත් ඒ අනුව ක්‍රියා නොකරන්නන්ට විරුද්ධව  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහීපාල මහතා පවසයි.
     
    ඉරිදා දිනය ශ්‍රමදාන කටයුතු සදහා වෙන් කෙරේ.මෙම වැඩ සටහන සදහා සහභාගි වන පොලිසිය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් තම නිල ඇදුමින්ද අනෙක් නිලධාරීන් තම හැදුනුම්පත පැළදීම අනිවාර්යයෙන්ම සිදු කරන බවද මහීපාල මහතා තවදුරටත් පැවසීය.
     
    ඩෙංගු රෝගය බහුල දිස්ත්‍රික්ක 10 ක ,වැඩි අවදානම් කලාප 30 ක සතිය පුරාමත් ඊට වඩා අඩි අවදානමක් ඇති කලාප 100 ක දින 4 ක්ද ඊටත් වඩා අඩු අවදානමක් ඇති කලාප 204 ක දින 2 ක්ද මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    මේ අනුව කොළඹ , ගම්පහ,කළුතර ,රත්නපුර, කෑගල්ල, කුරුණෑගල ,ගාල්ල,මාතර ,යාපනය , මඩකලපුව ,ත්‍රිකුණාමලය, යන දිස්‍ත්‍රික්කයන් වෙත වැඩි අවධානයක් යොමු කෙරේ.
     
    සමාජය දැනුවත් කිරීම සඳහා සිංහල හා දමිල යන භාෂා දෙකෙන්ම පත්‍රිකා බොදා හැරීමට නියමිතය.
     
    මෙම වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 12,224 ක් වු අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 12 කි. මෙම වර්ෂයේ ඉදිරි මාස 4 ඇතුලත මෙම තත්ත්වය පාලනය කිරීම මෙම වැඩ සටහන තුලින් අපේක්ෂා කෙරේ.
     
    පරිශ්‍ර එක් කෝටි හත් ලක්ෂයක් පමණ සෑම වර්ෂයකම පරීක්ෂාවට ලක් කරන  අතර පසුගිය වසර 3 තුළ රුපියල් බිලියන 1.2  ක් ඩෙංගු මර්ධනය සදහා ලබා දී ඇති බවත් වෛද්‍ය මහීපාල මහතා පැවසීය.
     
    ඉවතලන කැලි කසළ ක්‍රමවත්ම ඉවත් කරන ලෙසත් මෙම පරික්ෂාවන්ට සහයදී ඩෙංගු රෝගය අවම කර ගැනීම සදහා සහය වන ලෙසත් මහීපාල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    AP
     
     
     
     
     
       
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya