කොරියාවේ විශ්වෙවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පුහුණුව මාස 06 ක කාලයක් ලබා දී තිබෙන අතර ඉදිරියේ දී තවත් හෙද හෙදියන් රැසකට මෙම පුහුණුව ලබාදීමට නියමිතය.
දැනට හෙද හෙදියන් 31,000 ක් රාජ්‍ය සේවයේ නිරත වන අතර තවත් 7752 ක් හෙද විද්‍යාලවල පුහුණුවන බවත් 2016 දෙසැම්බර් මස 1800 ක් පුහුණුව අවසන් කර රාජ්‍ය සේවයට එක්වීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ඒ මහතා ප්‍රකාශ කළේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා අවශ්‍ය හෙද හෙදියන් ද කඩිනමින් ලබාදීමට නියමිත බවයි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු හා පර්යේෂණ) සුනිල් ද අල්විස් මහතා, අධ්‍යක්ෂ (හෙද අධ්‍යාපන) එස්. සිරිවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.