අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ කෙරිණි.
ගම්පහ දිස්ති‍්‍රක් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම්, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති මෙන්ම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද රතුපස්වල ජනතාව නියෝජනය කරමින් නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
තමන් මුහුණ පා සිටින ප‍්‍රධාන ගැටලු 03 ක් පිළිබඳ මෙහිදී එම ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර වන්දි ලබා ගැනීම, වතුර ලබා ගැනීම මෙන්ම උද්ඝෝෂණ සිදු කිරීම හේතුවෙන් පනවා ඇති නඩු ඉවත් කර ගැනීමට සහාය වන ලෙස ද ඉල්ලා සිටියහ.
එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති ලේකම්තුමා අපේ‍්‍රල් 05 වනදාට පෙර මෙම සියලු ගැටලුවලට විසඳුම් ලබා දිමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.
1919 දුරකථන අංකය ඔස්සේ ,ජනපතිට කියන්න වැඩසටහන, යටතේ රතුපස්වල ජනතාව විසින් ජනාධිපතිතුමා වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡාව කැදවිණි.