මෙම සංවත්සර උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් උන් වහන්සේ මේ බව සඳහන් කළ අතර කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව ද උන්වහන්සේ සඳහන් සඳහන් කළහ.
මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
ජාතික, ආගමික, පාරිසරික, අධ්‍යාපනික වශයෙන් සුවිශේෂි ස්ථානයක් වන නාමල් උයන සංචාරක ආකර්ශනය දිනා ගත් ස්ථානයක් ලෙස ද හඳුන්වා දිය හැකි බවත් අක්කර 2000ක් ප්‍රදේශයක පැවතිර පවතින බවත් රාහුල හිමියන් පෙන්වා දුන්හ.
මෙවැනි පෞරානික වැදගත්කමකින් යුතු රෝස තිරුවානා කඳු වැටියට උන් වහන්සේ වැඩම කරනවන විට දැව ජාවාරම්කාරයින්ගේ, නිදන් හොරුන්ගේ, දඩයම්කරුවන්ගේ පාරාදීසියක් බවට පත්ව තිබුණු බවත් එවැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට ගිය අවස්ථාවේදී තමාට නොයෙක් ආකාරයේ තර්ජනයන්ට මුහුණදීමට සිදු වූ බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
තමාටද නොයෙන් ආකාරයේ චෝදනා එල්ල වුවත් මෙම ජාතික සම්පත් රැක ගැනීම වෙනුවෙන් තම නිර්භයව කටයුතු කළ අතර කෝටි 15ක පමණ නිශ්චල දේපල ජනාධිපති කාර්ය සාධක කාර්යාලයේ වකුගඩු අරමුදලට දායක කර තිබෙන බවත් තමා නාමල් උයනේ අයිතිකාරයා නොව ආරක්ෂක බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.