ඒ අනුව ඉඩම් හෙක්ටර්යාර් 1ක් සඳහා රුපියල් 25000ක් ලබා දෙන අතර ඉඩම් හෙක්ටරයාර් 1ක් සඳහා අවශ්‍ය වන පොහොර කිලෝ 500ක් එම මුදලින් ලබා ගැනීමට හැකි වන බවත් සෑම පොහොර මිටියක් රුපියන් 2500ක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ගොවියාට මුදල් ලබා දීම සඳහා අයදුම්පත් ලබා ගැනීමේ කාලය අදින් අවසන් වීමට තිබුණ ද එය සති දෙකක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම දත්ත කඩිනමින් ලැබුණු වහාම පොහොර ලබා ගැනීම සඳහා ගොවි මහතා වෙත මුදල් ලංකා බැංකු ශාඛාවකින් හා මහජන බැංකු ශාඛාවකින් ලබා ගැනීමට හැකි වන බවත් මෙම වැඩපිළිවෙළ යටතේ ගොවි ජනතාවට පොහොර 100%ක් ම නොමිලේ ලබා ගැනීමට හැකි වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
රජය සෑම අවස්ථාවක ගොවි ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් බැඳී සිටින බවත් රුපියල් 350ට පොහොර සහනාධාරය ලබා දුන් කාලයේදී කිලෝ 50ක පොහොර මිටියකින් ගොවි ජනතාවගෙන් රුපියල් 150ක රක්ෂණයක් ලබා ගත් අතර එහිදී හෙක්ටර්යාර් සඳහා ගොවියෙකු රක්ෂණ මුදලක් ලෙස රුපියල් 5000ක් ගෙවීමට සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.