මෙම ව්‍යාපෘතිවල සාධාරණත්වය තහවුරු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත් කර ඇති අතර එය, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවකි.
අදාළ කමිටුව මගින් ව්‍යාපෘතිවලට අදාළ ගනුදෙනු රජය පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම වන විනිවිධභාවය/තරගකාරී බව හා මුල්‍යමය වටිනාකම ලැබෙන අයුරින්, විධිමත් ප්‍රසම්පාදන කමිටුවල අනුමැතිය යටතේ ඉටු කර ඇත් ද යන්නත්, එම වටිනාකම්වල සාධාරණත්වය තහවුරු කිරීමත් මෙම කමිටුවට පැවරී ඇත.
මෙම ප්‍රසම්පාදනවලට අදාළ සියලු විස්තර අදාළ කමිටුව වෙත දන්වා යවන ලෙස දැනටමත් මුදල් අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
මෙම තොරතුරු පරීක්ෂා කිරීමට අමතරව කමිටුව විසින් කරනු ලබන නිර්දේශ මත හිඟ මුදල් ගෙවීමට කටයුතු කරනු ඇත.
වගකිව යුතු රජයක් ලෙස මෙන් ම විවිධ පාර්ශවයන් මගින් ඉදිරිපත් වූ ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් මෙම හිඟ මුදල් ගෙවා අවසන් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.