නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා හා ඔස්ට්‍රියා ජනපතිවරු එකඟ වෙති Featured

    පෙබරවාරි 20, 2016

    ඉදිරියේදී වඩා මිත‍්‍රශීලි රාජ්‍යයන් ලෙස කටයුතු කරමින් දෙරටේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමට ශී‍්‍ර ලංකා – ඔස්ටි‍්‍රයා රාජ්‍ය නායකයෝ එකග වෙති.

    ඔස්ටි‍්‍රයාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ටි‍්‍රයා ජනාධිපති Heinz Fischer මැතිතුමා අතර නිල හමුව ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම එකගතාවය පළ කෙරිණි.

    ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට ඔස්ටි‍්‍රයා රජයෙන් කරනු ලැබූ ප‍්‍රථම නිල ආරාධනය මෙය වන අතර ඊයේ පස්වරුවේ ඔස්ටි‍්‍රයා ජනාධිපති කාර්යාලය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඔස්ටි‍්‍රයා ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    ආචාර වෙඩි මුර සහිතව අභිමානවත් අයුරින් සහ ඉතා විචිත‍්‍රවත් අයුරින් ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබූ අතර දෙරටේ මිත‍්‍රත්තවය විදහා දක්වමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැමිණෙන මග දෙපස ශී‍්‍ර ලංකා සහ ඔස්ටි‍්‍රයා ජාතික ධජවලින් සරසා තිබුණි.

    පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

    දෙරට අතර පවතින මිත‍්‍රශීලි සබදතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබද රාජ්‍ය නායකයින් අතර එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    වසර 26 ක ත‍්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව පශ්චාත් යුධ සමයේ ඉටු කළ යුතු වගකීම් ඉටු කරමින් රට තුළ සහජීවනය සහ සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට නව රජය සිදු කරමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදයෙන් බිද වැටුණු ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමට සියලු මිත‍්‍රශීලි රාජ්‍යයවල සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

    රටේ ආර්ථිකය දියුණු කරමින් ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීම නව රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සහ රටේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කරමින් තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට විසඳුම් සෙවීමේ වැඩපිළිවෙළට රජය මේ වන විට අවතීර්ණ වී සිටින බව ද කියා සිටියේය.

    යුරෝපා සංගමය විසින් ශී‍්‍ර ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමට මෙන්ම GSP සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීම පිළිබද ඔස්ටි‍්‍රයා රජයේ උපරිම සහාය ලබාදෙන බවට ද ඔස්ටි‍්‍රයා ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහතික විය.

    ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සදහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ඔස්ටි‍්‍රයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර ඒ සඳහා ද එකඟතාවය පළ කෙරිණි.

    ථේරවාදී බුදු දහම ශක්තිමත්ව පවත්වාගෙන යන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හදුන්වාදිය හැකි බව මෙහිදී පැවසූ ඔස්ටි‍්‍රයා ජනාධිපතිවරයා එහි ආරක්ෂාව වෙනුවෙන් රජයේ කැපවීම පිළිඳව සිය ප‍්‍රසාදය පළ කළේය.

    අනතුරුව ශී‍්‍ර ලංකා – ඔස්ටි‍්‍රයා රාජ්‍ය නායකයින් ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එක් විය.

    ප‍්‍රවෘත්ති සාකච්ඡාව ඇමතූ රාජ්‍ය නායකයින් සපථ කළේ දෙරටේ මිත‍්‍රත්වය වඩා ශක්තිමත් ලෙස ඉදිරියේදී පවත්වාගෙන යාම දෙරටේම අපේක්ෂාව බවයි.

    ඔස්ටි‍්‍රයාවට පැමිණි තමා වෙත ඉහළම ආගන්තුක සත්කාර පැවැත්වීමට ඔස්ටි‍්‍රයා රජය කටයුතු කිරීම පිළිබද සිය ස්තූතිය පළ කිරීමට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

    අනතුරුව රාජ්‍ය නායක දෙපළ දිවා භෝජන සංග‍්‍රහය සදහා එක්වූ අතර දෙරටේම ඉදිරි කටයුතු වෙනුවෙන් එහිදී රාජ්‍ය නායකයින් එකිනෙකාට සුබ ප‍්‍රාර්ථනා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya