නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කොට ඇති විභාග

    පෙබරවාරි 14, 2016

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය - 2011 (II) 2015 ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ප්‍රතිඵල, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්-රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, ජනාධිපති ලේකම්-ජනාධිපති කාර්යාලය, දුම්රිය සාමාන්‍යාධිකාරි-ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කම්කරු කොමසාරිස් ජනරාල්-කම්කරු දෙපාර්තමේන්තුව, සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන්ට හා ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, නුගේගොඩ යන ආයතන වෙත පසුගිය දා නිකුත් කොට තිබේ.


    ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරඟ විභාගය-2015  (කෘෂීකර්ම නිෂ්පාදන හා තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව 2016/2018) විභාගයේ ද ප්‍රතිඵල නිකුත් කොට තිබේ.එම ප්‍රතිඵල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය වෙත පසුගියදා ප්‍රතිඵල නිකුත් කර තිබේ.


    ජාතික නැටුම් සංගීත විභාගය- 2014 (ලිඛිත) පසුගිය 09 වැනිදා ප්‍රතිඵල නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    විභාගයට පෙනී සිටි සියලුම අයදුම්කරුවන් වෙත මේ වන විට ප්‍රතිඵල නිකුත් කොට තිබේ.


    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2014 (2015) පසුගිය 09 වැනිදා ප්‍රතිඵල නිකුත් කොට තිබේ. එම ප්‍රතිඵල ලේකම්, සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය වෙත එම ප්‍රතිඵල නිකුත් කොට තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යංශයේ "ව්‍යාපෘති සහායක" (නොවිධිමත් අධ්‍යාපන)/(විශේෂ අධ්‍යාපන) තනතුරුධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2014 (2015) ප්‍රතිඵල නිකුත්කොට තිබේ. එම ප්‍රතිඵල ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය, බත්තරමුල්ල වෙත එම ප්‍රතිඵල නිකුත් කොට ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya