2015 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ජෛව විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ පොදු විෂය ධාරාව යටතේ විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකරගත් සිසුහු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූහ.
මෙහිදී සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ආශිර්වාදය පළ කළේය. සිසුන් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ විභාගය මෙන්ම ජීවිතයද විශිෂ්ට ලෙස සමත්වීමට දරුවන් කැපවිය යුතු බවයි.
එම සිසුන් වෙත තිළිණ ප‍්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර සිංගර් ශී‍්‍ර ලංකා ආයතනයේ අනුග‍්‍රහයෙන් ලැප්ටොප් පරිගණකය බැගින් ද, මහජන බැංකුවේ අනුග‍්‍රහයෙන් මුදල් තිළිණද පිළිගැන්විණි. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භයේ සිට අවසානය දක්වා රුපියල් ලක්ෂ දෙකක වටිනාකමින් යුත් ඊරද්ා ඉර්බා පැකේජ එම සිසුන් වෙත ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග‍්‍රහයෙන් පිරිනැමිනි.
2015 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන්ට ශී‍්‍ර ලංකා තාක්ෂණවේදී සරසවිය සදහා ශිෂ්‍යත්ව 30 ක් පිළිගැන්වීටද ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපත්ව සිටින අතර ඊට අදාළ සංදේශය ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
දිස්ති‍්‍රක් මට්ටිමන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 20 දෙනෙකු අතර ද, රණවිරු දරුවන් 05 දෙනෙකු අතරද, උතුරේ යුද්ධයෙන් ආබාධිත වූවන්ගේ දරුවන් 05 දෙනෙකු අතරද මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්නන්, විභාග කොමසාරිස් ජනරාල් ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරිහු ද, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
pmdnews