ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සමෘද්ධිලාභි සිසු දරුවන් 10,000 ක් සදහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීෙම් උත්සවය අමතමිනි.
පසුගිය උසස් පළ විභාගෙයන් විශිෂ්ඨතම ප්‍රතිඵල ලබා අැත්ෙත් පළාත් මට්ටමින් උතුරු පලාත වන අතර දිස්ත්‍රික්ක මට්ටමින් ගත් කළ යාපනය බවත් පැවසු ජනාධිපතිවරයා ඹබ ලබා ගන්නා ප්‍රතිඵලය මත රටේ අනාගතය රැදී පවතින බවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතමින් තවදුරටත් පැවසීය
2016 වර්ෂය රටේ ආර්ථිකය ගොඩනගන වර්ෂය බව පැවසූ ජනාධිපතිතුමා මෙම වර්ෂයේදී රටේ සියලූ ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් උදා කර දීම සදහා වැඩසටහනක් රැසක් කි‍්‍රයාවට නංවන බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සදහාද අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් එම කටයුතු ආරම්භ කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.
රජය කරන්නේ කුමක්දැයි ඇතැමුන් ප්‍රශ්ණ කළත් රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඒ අතරතුර රටේ ජනතාව දුගී භාවයෙන් මුදවාගෙන ඔවුන්ට සමෘද්ධිමත් ජීවිතයක් උදා කරදීමේ වැඩපිළිවෙලටද රජය මේ වන විට අවතීර්ණ වී සිටින බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
ජනාධිපතිතුමා සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට ද එක් විය.
සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රන්ජන් රාමනායක, කරුණාරත්න පරණවිතාන, සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද ශිෂ්‍යත්වලාභි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
AP