සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සේවක මණ්ඩලය සමග සුහද කථා බහක නිරත විය.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයද, හින්දු, කතෝලික පූජකවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ඒ.එම්.ජී.එස්. පලිහක්කාර, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය , අපනයන මණ්ඩලයේ සභාපතිනි ඉන්ද්‍රානි මල්වත්ත යන මහත්ම මහත්මින් ද විදේශ රටවල තානාපතිවරුන්ද, යුධ හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශ නියෝජිතයින්ද හයිඩ්රාමනි ආයතනයේ සභාපති ජගත් හයිඩ්‍රාමනී මහතා ඇතුලු අධ්යක්ෂ මණ්ඩලය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප - සුදත් සිල්වා )