අමාත්‍යවරයා අද (21)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ බව පැවසී ය.
මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරය,
අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමු කළ කාරණයක් වන්නේ,ථේරවාදී කතිකාවත පනත් කෙටුම්පත කුමන ලෙසකින්වත් මහානායක ස්වාමින්වහන්සේලාගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව.
බුද්ධ ශාසන අමාත්‍යතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, මහනායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම පිටයි.
එහෙත් විවිධ මතවාද මේ පිළිබඳව පළ වූ නිසා මේ පිළිබඳව මහානයක ස්වාමින් වහන්සේලා දැනුවත් කර, අවශ්‍ය ඕනෑම සංශෝධනයක් ඇතුළත් කළ හැකි නිසා අවශ්‍ය සංශෝධන ලබගෙන, මෙහි ඉදිරි කටයුතු කරන්න අතිගරු ජනධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.