නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අසපුව ඉදිකිරීමට ඉඩම හොරණින් සොයා ගනී

    ජනවාරි 19, 2016

    පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව  සදහා ​​​පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශවලින් හදුනාගත් ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු අද (19දා) සිදු කෙරිණි.

     

    පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් නිරීක්ෂණය සිදු විය.

     

    අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ පුතණුවන් වන රංජන අමරදේව විසින් කැමැත්ත පළකළේ කලා අංශයට වැඩි නැඹුරුවක් ඇති හොරණ ප්‍රද්ශයෙන් නිරීක්ෂණය කළ ඉඩමක් සදහා ය.

     

    එම ඉඩම හොරණ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී. හොරණ ඇල්ලකන්ද වත්ත අක්කර 08ක ඉඩම් කොටස ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව නිර්මාණය කිරීමේ කාර්යයට සුදුසු පරිසරික සුන්දරත්වයකින් හා පහසුකම් වලින් සමන්විතව පිහිටා ඇති බවට තෝරාගන්නා ලදී. 

     

     ඉඩම පරීක්ෂාකිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ, මෙම සත් කාර්යය පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පූර්ණ කැමැත්ත හා මඟපෙන්වීම ලැබී තිබීමත් ඒ ආශිර්වාදයෙන් මෙම ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවත්ය. එමෙන්ම මෙම තෝරාගත් ඉඩම ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව සදහා ඉතාම සුදුසු පරිසරයක පිහිටා තිබීම නිසා අදාළ කාර්යය ඉතා සාර්ථකව සිදුකිරීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    අමරදේවයන්ගේ නමින් ඉදිකෙරෙන සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් කිරීම හා කලන නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විතව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස  ඉදිකිරීමට යෝජිතය.

     

    මෙම ඉඩම නිරීක්ෂා කොට අදාළ කාර්යය පිළිබදව පණ්ඩිත් අමරදේවයන්ගේ අදහස්ද ලබාගැනීම සහ අමරදේවයන්ගේ සිහිනයට අනුව එය ඉදිවිය යුතු ආකාරය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් 20 දා ප.ව 03.30ට බත්තරමුල්ල,''අපේගම'', පරිශ්‍රයේ දී  පැවැත්වීමට නියමිතය.

     

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු, අතිරේක ලේකම් ඩී. කේ. එස්. රවීන්ද්‍ර මහතා, ​ ​​රාජ්‍ය මුද්‍රණ නීතිගත ​​සංස්ථාවේ සභාපති ​, ​ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා රූප​වාහිනී ​​සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධක්ෂ ජනරාල්  ,​ඉඩම් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    land amara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya