අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රෛභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වූ අධ්‍යාපන අවශ්‍යතාව විමසීමේ සමුළුව අද සහ හෙට Featured

    මැයි 30, 2014

    "ගෝලීය ලෝකය තුළ ද්විභාෂා අධ්‍යාපනය: ත්‍රෛභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වූ අධ්‍යාපන අවශ්‍යතාව පිළිබඳ විමසුම" යන මැයෙන් අද (30) සහ හෙට (31) පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි.


    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British Councial) හා ජාතික අධයාපන ආයතනයේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විභාෂා අංශය මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.


    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සොයා ගැනීම් සහ අනෙකුත් න්‍යායන් හරහා ද්විභාෂා අධ්‍යාපනයේ වර්තමාන භාවිතයන් පිළිබඳව දැනුවත්භාවයෙන් යුතු විවිධ පුද්ගලයින් නිර්මාණය කිරීම මෙම ද්විභාෂා අධ්‍යාපනයේ එක් අරමුණක් ලෙස පෙන්වා දෙයි.


    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් හා අනෙකුත් යහපත් ක්‍රියාකාරකම් එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් ඉගෙනීමේ අවස්ථා ලැබෙන අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ ද්විභාෂා ප්‍රතිපත්තිය සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද සිදු වේ.


    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, විදේස් රටවල නියෝජිතයින් ඇතුළු මෙම සමුළුව සඳහා තෝරා ගත් කණ්ඩායමක් ලෙස පාසල් මට්ටමේ සහ ජාතික මට්ටමේ පිරිසක් සහභාගි වූහ.


    HC/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya