ඒ අනුව තම ගෙවත්තේ හෝ වැට දිගට රබර් පැළ 10 -20 ක් අතර ප්‍රමාණයක් වවා ගෙන තම දෛනික කටයුතු කරන අතරතුර අඩු භූමි ප්‍රමාණයක, අඩු කාලයක් සහ අඩු ශ්‍රමයක් යොදා ගෙන අමතර ආදායමක් ලබා ගැනීමට ගෙවතු හිමියන්ට අවකාශ ලැබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙල යටතේ මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු බොහෝ ප්‍රදේශවල ගෙවතු වගාව සඳහා රබර් පැළ ලබා දී ඇත.
පසු ගිය වසරේ (2013) මෙම ව්‍යාපෘතියට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කර ඇති දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 20 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දුනි. එම මුදලින් මුලතිව්, වව්නියා, අම්පාර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට රබර් පැළ ලක්ෂ දෙකක් (02) ලබා දී ඇත. එමගින් සෙත සැලසෙන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 20,000කි. මීට අමතරව එම වසරේ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 350කට රබර් පැළ ලබා දී තිබේ.
මෙම වසර අවසන් වීමට ප්‍රථම කළුතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 6000ක් පමණ ඉලක්ක කර ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට මහින්ද සමරසිංහ අමාත්‍යතුමා ප්‍රතිපාදන වෙන් කර ගෙන ඇත.
ඒ සඳහා අවශ්‍ය රබර් පැළ ජුනි සහ ජූලි යන මාස දෙක තුළ දී බෙදාදීමට ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය අපේක්ෂා කරයි. මෙහිදී ඉඩම් පරීක්ෂාව සහ සහතික කළ ගුණාත්මක පැළ ලබා දීම ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මගින්ද ප්‍රතිලාභීන් හඳුනාගැනීම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යන තුරු සවිය සමිති මගින් ද සිදු කෙරේ.
මේ සඳහා උනන්දුවක් දක්වන කළුතර දිස්ත්‍රික්කයේ රබර් ගොවීන්ට ඩිලාන් මහතා (0714738588), අචලා මහත්මිය (0713218218), අමිතා මහත්මිය (0712407290), තුරු සවිය කාර්යාලය (0112333532) යන දූරකතන අංකවලට ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ ශාඛ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
MAP/cmu_dm