අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය - මහජන අදහස් විමසීම සති දෙකකින් දීර්ඝ කෙරේ

    මැයි 30, 2014

    පොදු මගී ප්‍රවාහන බස් රථ සේවාවේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අරමුණු කරගත් ජාතික බස් ගාස්තු  ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනු කමිටුව හා විද්වත් කමිටුව මගින් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමට ලබාදී තිබූ කාලය සති දෙකකින් දීර්ඝ කර තිබේ.


    ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය කාලීනව වෙනස් විය යුතු ආකාරය පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඒ සඳහා කැමැත්තක් දක්වන  පාර්ශවයන්ට / පොදුවේ මහජනතාවට හෙට (31) දින දක්වා ඊට අවස්ථාව ලබාදී තිබුණි.


     එහෙත් මහජනතාවගේ සහ ප්‍රවාහනයට අදාළ වෙනත් පාර්ශවයන්ගේ ඉල්ලීම මත මෙම අවසන් දිනය 2014 ජූනි16 දක්වා දීර්ඝ කර ඇති බැවින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශවයන්ට/ මහජනතාවට; සභාපති, බස් ගාස්තු ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුව, පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය, අංක 34, නාරාහේන්පිට පාර, නාවල යන ලිපිනයට එම යෝජනා/අදහස්  යොමු කළ හැකිය.

     දැනට ක්‍රියාත්මක වන බස් ගාස්තු ප්‍රතිපත්තිය 2002 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බස් ගාස්තු ප්‍රතිපත්තිය වේ. ඒ අනුව බස් ධාවන පිරිවැය දර්ශකය ඉන්ධන වියදම, සේවක වැටුප්, සේවා ලිහිසි තෙල්, ටයර් ටියුබ්, වායු සමීකරණ, අලුත්වැඩියා කටයුතු, දෛනික වියදම්, මාසික වියදම්, වාර්ෂික වියදම්, බස් රථයේ ක්ෂයවීම්, ප්‍රාග්ධනය සඳහා පොලිය, අවදානම් ප්‍රතිපාදන යන මූලික අයිතමයන් 12 යටතේ ගණනය කරනු ලබයි.


    මෙම බස් ගාස්තු ප්‍රතිපත්තිය පදනම් කරගෙන 2002 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ කාලය තුළ වාර්ෂික ගාස්තු සංශෝධන 13ක් හා අන්තර් වාර ගාස්තු සංශෝධන 04ක් සිදු කර ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya