ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය සෑම වසරකම මැයි 31 දිනට යෙදී ඇත. ඊට සමගාමීව දිවි නැඟුම දෙපාර්තමේන්තුව විසින් දුම්වැටි නිවාරණ කොඩි දින වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙම වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පළමු කොඩිය පැළඳවීම ඊයේ (29) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
"දුම්කොළ බදු ඉහළ දමා මරණ හා රෝග අඩු කරමු" යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර ලෝක දුම්වැටි විරෝධී දින තේමාව වශයෙන් තෝරාගෙන ඇත.
NDH/moe