මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ මාසයට දීප ව්‍යාප්ත වැඩසටහන් රැසක්

    මැයි 30, 2014


    "යකඩ සපිරි ආහාර ගනිමු. සුවය සවිය නුවණ වඩමු” යන ජාතික පෝෂණ මාසයේ තේමාව මුල් කර ගනිමින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්ත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා පැවසීය.


    අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකට එක් වෙමිනි.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ජනාධිපති කාර්යාලයට අනුබද්ධ ජාතික පෝෂණ කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    නිසි ප්‍රමාණයට යකඩ බහුල ආහාර නොගැනීම මෙන්ම නිවැරදි අයුරින් යකඩ බහුල ආහාර ආහාරයට නොගැනීම හේතුවෙන් පෝෂණ මට්ටම්වල දුර්වලතා වැඩිවෙමින් පවතී. ගර්භනී අවධියේ පටන් සෑම අවධියකම යකඩ සපිරි ආහාර ගැනීම පිළිබඳ නිවැරදි ලෙස දැනුවත් කිරීමේ යාවත්කාලීන අවශ්‍යතාවකට මුහුණ දීමට සිදුව ඇත. ඒ නිසා වෙන් ම ජාතික පෝෂණ මාසයේ යකඩ සපිරි ආහාර ගැනීමට උනන්දුවක් ඇති කිරීමට සිදු වී තිබේ.

    ළමුන්, ගැහැණු දරුවන්, කාන්තාවන් හා සමස්ත කුටුම්භයම මෙහි ඉලක්කගත කණ්ඩායම් වේ. මොවුන්ගේ නීරෝගි දිවි පැවැත්ම උදෙසා සැලසුම් කර ඇති පෝෂණ සම්බන්ධ වැඩසටහන් ජාතික පෝෂණ මාසයෙන් ආරම්භ කර ජාතික පෝෂණ මාසයට පමණක් සීමා නොකර වසර අවසානය වන තෙක්ම ලංකාවම ආවරණය වන පොදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට අයත් ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව සහ සංවර්ධන හා සැලසුම් අංශයන්හි ප්‍රධානින්ගේ අදහස් හා යෝජනා මත සැලසුම් කර ඇති පෝෂණ වැඩසටහන් ඒ ඒ ආයතනයන් හරහාම ක්‍රියාවට නැංවීමට සුදානම් කර ඇත. මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල අනුග්‍රහය ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දායක කර ගැනේ.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙම අමාත්‍යාංශය යටතේ ඇති ළමා හා කාන්තා සංවර්ධන ඒකක හරහා මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.විශේෂයෙන්ම නිවැරදි සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් වඩාත් සංවේදී හා ඵලදායී ප්‍රචාරණ වාර්තාමය චිත්‍රපටි, කෙටි පණිවුඩ, අත් පත්‍රිකා සහ පෝස්ටර් ආදිය නිර්මාණය කර බෙදාහැරීමට ද නියමිතය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya