අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය හා නව යෞවනය - දෙසතිය පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණය රත්නපුරේදී

    මැයි 30, 2014


    ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාව අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    සමාජ මාධ්‍ය හා නව යෞවනය මැයෙන් පැවැත්වෙන මේ සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය ලබන ජූනි 02 වැන දින රත්නපුර ෆර්ගිව්සන් බාලිකා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 1.30 දක්වා පැවැත්වේ.

     

    සමාජ මාධ්‍ය නව යෞවනයට කෙරෙන බලපෑම පිළිබඳ ගෝලීය අත්දැකීම් හා ශ්‍රී ලංකාව යන මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාද, ෆේස් බුක් සහ ප්‍රචණ්ඩත්වය හා ආචාරධර්ම යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටී. නන්දසාර මහතා ද දේශන දායකත්වය සපයන මෙම සම්මන්ත්‍රණය සඳහා පාසල් සිසු සිසුවියන් මෙන්ම ගුරු දෙගුරුන් ද සහභාගී වීමට නියමිත වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya