අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් කිරි කැපුම් ශිල්පීන්ට වෘත්තීය මට්ටමේ පුහුණුවක්

    මැයි 30, 2014

    වෘත්තීය මට්ටමින් කිරි කැපුම් ශිල්පීන් පුහුණු කිරීමේ වැඩටහනක් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර ප‍්‍රාදේශීය කාර්යාලයේදී මෙම දිනවල පැවැත්වේ.

    පසුගිය 19 වෙනි දින ආරම්භ කරන ලද මෙම පාඨමාලාව 30 වෙනි දින දක්වා දහයක් මුළුල්ලේ පැවැත්වේ. පූර්ණකාලීන පාඨමාලාවක් වන මෙහිදී රබර් කර්මාන්තයේ නියැලී සිටින්නන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට රබර් නිෂ්පාදනය දක්වා වූ අංග සම්පූර්ණ දැනුමක් ලබා දෙනු ඇත.

     

    රබර් වගාව පිළිබඳ දැනුවත් වී සිටින පිරිස වැඩි කිරීම, ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, රබර් ගසට හානියක් සිදු නොවන පරිදි දිගු කාලයක් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම, කිරි අස්වනු සහයකයින්ගේ හිඟයට පිළියමක් යෙදීම සහ රබර් කර්මාන්තය පිළිබඳව අන් අය දැනුවත් කිරීමට මනා අවබෝධයක් ඇති පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරේ.

     

    නොමිලේ පවත්වන මෙම වැඩසටහනේදී සහභාගීවන්නන්ට දිනකට රුපියල් 300ක දෛනික දීමනාවක් සහ රබර් කැපීමට යොදා ගන්නා නිල ඇඳුමක් නොමිලේ සපයනු ලැබේ. තවද තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද කිරි පිහියක් 50%ක සහනාධාරයක් මත ලබා දීමට නියමිතය.


    මෙම මස 29 වෙනි දින ගාල්ල පිටිගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදීත් මෙවැනිම පාඨමාලාවක් ආරම්භ කර ඇත.

     

    මේ සඳහා සහභාගී වීමට කැමති රබර් කර්මාන්තයේ නියැලී සිටින්නන්ට අවශ්‍ය තොරතුරු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මොණරාගල ප‍්‍රාදේශීය කාර්යාල ඇමතීමෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    MAP/cmu_dm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya