මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වතු මහා නාහිමි උපන්දිනට අගමැතිගෙන් සුභාශිංසන Featured

    මැයි 30, 2014

    ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සුභපැතුම් එක් කිරීමට හැකිවීම මා ලද භාග්‍යයකි.


    මහා කරුණාභරිත, සුපේශල, පරිත්‍යාගශීලී මහානායක හිමිපාණන් වහන්සේ නමක ලෙස මෙරට පමණක් නොව, දෙස් විදෙස් රටවල පවා මහත් ගෞරවාදරයට පත්ව සිටින ඔබවහන්සේ අප රටට ලැබුණු දායාදයක් ලෙස මම සලකමි.


    ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ධූරය හොබවමින් අප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයටත්, සමස්ත දේශයටත් සිදු කරන මෙහෙවර ‍මෙහිලා සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි.
     
    2600 ශ්‍රී සම්බුද්ධත්ව කාලපරිච්ඡේදයේත්, ඉන් අනතුරුවත් මෙරට ශාසනික උන්නතිය උදෙසා නිරතුරුවම උපදෙස් දෙන අප මහා හිමිපාණන් වහන්සේ නිවැරදි සමාජයක් බිහිකිරීම උදෙසා අභීතව පෙරමුණ ගන්නා හිමිනමකි.


    ආර්ථික සංවර්ධනයත් සමඟ උත්තරීතර සමාජයක් කරා යන ගමනේ දී රාජ්‍ය නායකත්වයට හා සෙසු ජනතාවට අර්ථයෙන්, ධර්මයෙන් ලබාදෙන අනුශාසනා අපට මහා ශක්තියක් විය. ඉදිරියට ද ඔබවහන්සේගේ මඟපෙන්වීම, උපදෙස් මෙන්ම ආශිර්වාදය ද මම අපේක්ෂා කර සිටිමි.


    ඔබවහන්සේට තවත් චිරාත් කාලයක් මේ ලංකාද්වීපයට ධර්ම ඥානය ලබාදීමටත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උතුම් මෙහෙවරක නිරතව සිටින්නටත් නිරෝගීභාවය, ශක්තිය, ධෛර්යය, දීර්ඝායු ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


    ආචාර්ය දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය
    බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya