අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම සිට ත්‍රීකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

    මැයි 30, 2014

    අද (30) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya