නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව තුළ දුෂණය, වංචාව පිටු දකිමින් යහපාලනය ඇති කිරීම සදහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයාගේ දැඩි පැසසුමට Featured

    ජනවාරි 06, 2016

    ශී‍්‍ර ලංකාව තුළ දුෂණය, වංචාව පිටු දකිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ඇති කිරීම සදහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාගේ දැඩි පැසසුමට ලක් වෙයි.

    ශී‍්‍ර ලංකාව ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට සැබෑ අවශ්‍යතාවයක් ඇති නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව තමා ඉතා ගෞරවයෙන් හදුන්වාදෙන බවද පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

     

    දෙදින නිල සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා සහ ජනාධිපතිතුමා අතර ද්වි පාර්ශවික සාකච්ඡා  (05)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූණු අතර එහිදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

     

    අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.


    ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාරද පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිගැන්විණි.

     

    අනතුරුව නායකයින් දෙපළ ප‍්‍රමුඛ දෙරෙටි නියෝජිතයින් අතර ද්වි පාර්ශවික සාකච්ඡුා ආරම්භ කෙරිණි.

     

    පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබදව ප‍්‍රථමයෙන්ම සිය සතුට පළ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළින් දෙරට අතර අතීතයේ සිට පැවතෙන මිතුදම තවදුරටත් ශක්තිමත් වන බවද කියා සිටියේය.

     

    දෙරටේ ආර්ථික, වෙළද, මෙන්ම සංස්කෘතික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් වු අතර සේවා සහ ආයෝජන අංශ වලින් දෙරෙටි සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සහල් සහ සීනි නිෂ්පාදනය සදහා අවශ්‍ය සහාය ලබාදීමටද මෙහිදි පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ දියර කිරි හා සිමෙන්ති කර්මාන්තය ප‍්‍රවර්ධනය කර ගැනීම සදහා සහය වන ලෙස ජනාධිපතිතුමා මෙහිදි පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද සිදු කළ අතර ඒ සදහා අවශ්‍ය සහය ලබාදීමට පාකිස්ථාන අග‍්‍රාමාතරවයා කැමැත්ත පළ කළේය.

     

    උසස් අධ්‍යාපන සහ කි‍්‍රඩා ක්ෂේත‍්‍රවල දෙරට අතර පුහුණු වැඩසටහන් හුවමාරු කර ගැනීමටද මෙහිදි සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් පුහුණුකරුවන්ගේ සේවය පාකිස්ථානයේ කි‍්‍රකට් කී‍්‍රඩාව වර්ධනය කර ගැනීම සදහා ලබාදෙන ලෙස පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ ස්කොෂ් කි‍්‍රඩාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් පාකිස්ථාන පුහුණුකරුවන් ලබාදීමටද පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවයා කැමැත්ත පළ කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදන ඇතුළත් ප‍්‍රදර්ශනයක් ඉදිරියේදී පාකිස්ථානයේ පැවැත්වීම පිළිබදවද මෙහිදී සාකච්ඡුා කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමටද අවධානය යොමු කෙරිණි.

     

    ඇතින්නියක් ලබා දෙන ලෙස පාකිස්ථාන රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඉදිරියේදී ඒ පිළිබද අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කැමැත්ත පළ කළේය.

     

    ශී‍්‍ර ලංකාව, ඉන්දියාව මෙන්ම පාකිස්ථානය බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් රාජ්‍යයන් වන අතර රටවල් තුනම එක්ව පොදු වැඩසටහනක් යටතේ එය සැමරීමටද මෙහිදි ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා වෙත යෝජනා කළේය.

     

    මෙවර පාකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුථව සාර්ථක කර ගැනීමට සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිතුමා ඒ සදහා සහභාගීවීමට අපේක්ෂා කරන බවද පැවසීය.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya