සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේද හෙට (25) ආරම්භ වේ.
අනින්දා ( 26) හා 27 යන දින තුළ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර හෙට සිසුන් ලියාපදිංචි කිරීම සිදු වන අතර 26 වැනි දා සිසු නිපුණතා ඇගයීම් පැවැත් වේ.
එසේම 27 වැනි දා ත්‍යාග ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
මෙම නිපුණතා ඇගයීම් වැඩසටහන කාණ්ඩ කිහිපයක් ඔස්සේ සිදු වන සමස්ත ලංකා මට්ටමින් සිසු දරුවන් 792 දෙදෙනෙක්, තරග 36ක්, දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින් සහභාගි වෙති.