නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරු සුබසාධනයට පනතක් සංශෝධනය කෙරේ Featured

    දෙසැම්බර් 24, 2015
     
    වර්තමාන රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වතු කම්කරුවන්ගේ සුබසාධනය සඳහා,  ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    දැනට පවතින නෛතික තත්ත්වය යටතේ වතු ජනාවාස සඳහා පොදු සේවාවන් සැපයීමේදී ප්‍රාදේශීය සභා අරමුදල් යොදාගැනීමට හැකියාවක් නොමැති බව  පළාත් සභා සහ පළාත් පාලන අමාත්යය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
     
     
    මේ පිළිබඳව ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. දිගම්බරම් සහ මනෝ ගනේෂන් මහත්වරුන් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
     
     
    ඒ අනුව මෙම ගැටලුවට විසඳුම් ලබාගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට නියමිතයි. 
     
     
    කඩිනමින් ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බව ෆයිසර් මුස්තෆා මහතා පෙන්වා දෙයි. 
     
     
    එමගින් වතු ජනාවාස සඳහා ප්‍රාදේශීය සභා මගින් ලබාදෙන පොදු සේවාවන් සැපයීමට ප්‍රාදේශීය සභා අරමුදල යොදාගැනීමට හැකිවනු  ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya