අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රෑන යොවුන් කඳවුර'' ජූනි 06- 08 දක්වා

    මැයි 29, 2014


    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා තරුණ තරුණියන් සහභාගී වන රෑන යොවුන් කඳවුර 2014  වැඩසටහන කු/ඉඳුල්ගොඩකන්ද ජාතික පාසල් භූමියේ දී ජූනි 06 සිට 08 දක්වා පැවැත්වීමට නියමිතය.

     

    රෑන යොවුන් කඳවුරේ ප්‍රධාන වැඩසටහන වන්නේ ඉඳුල්ගොඩ කන්ද ජාතික පාසල් භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ මහා ශ්‍රම දානයයි. ඒ සඳහා තරුණ පිරිස් සහභාගීවීමට නියමිතය. පාසල් භූමි අලංකාර ලෙස තබාගැනීම සඳහා අවශ්‍ය සහය උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලබාදීමට කටයුතු කරන අතර, මෙම වැඩසටහන ඒ අනුව ක්‍රියාත්මක කෙරේ.

    ශ්‍රමදාන වැඩසටහනට අමතරව ප්‍රදේශයේ තරුණ තරුණියන් මුහුණ දෙන සමාජ ප්‍රශ්න හඳුනාගැනීම සහ සාකච්ඡා කිරීම, තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය සහ සමාජ විරෝධී ක්‍රියාවලින් ඇත්කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන, ශරීර සුවතා සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් යොවුන් කඳවුර තුළ පැවැත්වෙයි.

    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ පියුමාල් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ ''කුරුණෑගල අපි" සහ '' රියල් හාර්ට්ස්" තරුණ සංවිධාන එක් ව මේ කඳවුර සංවිධානය කරයි.


    පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, කුරුණෑගල ප්‍රාදේශීය සභාව, කුරුණෑගල ජාතික තරුණ සේවා සභාව, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යොවුන් කඳවුරට සහයෝගය ලබාදෙයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya