නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගුවේ බදු ආදායම රුපියල් බිලියන 65කින් වැඩි වෙයි

    දෙසැම්බර් 17, 2015

    නව රජය පත්වීමත් සමඟ රේගුවේ ආදායම රුපියල් බිලියන 65කින් වැඩි වී තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

    නොසිතූ ආකාරයේ විශාල මුදලක් රේගු බදු ආදායම් ලෙස ලබා ගැනීමට හැකි වීම තුළ වර්තමාන රජයේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

     

    පාර්ලිමේන්තුවේ අද (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මෙම රජය යටතේ කිසිදු අවස්ථාවක රේගුවට බදු නොගෙවා මෙරටට භාණ්ඩ ගෙන ඒමට නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya