මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ගිවිසුමක් අත්සන් කළ බව ඔප්පු කළ හොත් ජනාධිපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්වෙන බව පැවසුවා - අධ්‍යාපන ඇමති Featured

    මැයි 28, 2014

    දැයේ දූදරුවන්ගේ නිත්‍ය උරුමයක් වූ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තමන් ගිවිසුමක් අත්සන් කළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කළ හොත් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසූ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අද පස්වරුවේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත කරුණ හෙළි කර සිටියේය.


    ජාතික පුවත්පත්වල අද මුල් පිටුවේ පළ වු ප්‍රවෘත්තිය පිළිබඳව තමන් පුද්ගලිකව ජනාධිපතිතුමා හමු වු බවත් එහිදී ජනාධිපතිතුමා හෝ මුදල් අමාත්‍යංශය එබඳු කිසිදු ගිවිසුමකට අත්සන් කර නැති බවත් නිදහස් අධ්‍යාපනය කප්පාදු කර අහිංසක දු දරුවන්ට හිමි අනාගතය නැති කිරීම කිසිසේත් සිදු නොවන්නක් බවද ඉතා සංවේදී ලෙස ජනාධිපතිතුමා අවධාරණය කළ බවත් අධ්‍යාපන ඇමතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.


    මහින්ද චින්තනයේ දැනුම කේන්ද්‍රීය උපාය මාර්ග සහිත අධ්‍යාපන ක්‍රමයකට මග පාදන අතර දරුවන්ට පැහැදිලි හෙටක් මේ ආණ්ඩුවෙන් ලබා දෙනවා. අධ්‍යාපනය පුද්ගලීකරණ‍ය කිරීමක් හෝ පාසල් වැසීමක් මේ රජයෙන් සිදු වන්නේ නැහැ.


    ඈත එපිට ගම්මානවල පාසල්වලට තිබු ‍‍‍ඓතිහාසික ප්‍රශ්න මහින්දෝදය ප්‍රතිනිර්මාණ යටතේ පාසල් දහසක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම පාසල්වලට විද්‍යාගාර, පරිගනකාගාර, භාෂාගාර, ගණිතාගාර හඳුන්වා දෙනවා.මේ සඳහා රජය වෙන් කොට ඇති මුදල රුපියල් කෝටි 1500කි. උතුරේ පාසල් 90 කටද නැඟෙනහිර පාසල් 10‍3කටද මෙම ව්‍යාපෘතියෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා.මීට පෙර කිසිදු රජයක් මෙසේ කර නැත.


    විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් දරුවන් අතරමන් නොකර නව තාක්ෂණය හඳුන්වා දීමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හීනෙකින්වත් නොසිතූ ලෙස ගුණාත්මක බවින් යුක්තව සිදු වෙමින් පවතිනවා. එය ඉවසාගත නොහැකිව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කිරීම තමන් හෙළා දකින බවද අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේය.

     

    HC/cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya